31 March 2025


පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙනුවෙන් තොරතුරු කවුළුවක්



දසවන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද (19) සහ හෙට (20) තොරතුරු කවුළුවක් ස්ථාපිත කර තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර සඳහන් කළේ අද සහ හෙට පෙරවරු 09.30 සිට පස්වරු 3.30 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම කවුළුව ක්‍රියාත්මක වන බවයි.

එහිදී සියලු මන්ත්‍රීවරුන්ට ප්‍රයෝජනවත් වන තොරතුරු ලිපි ලේඛන සැපයීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීම සහ විද්‍යුත් ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළ ඇඟිලි සලකුණු ලබා ගැනීමේ කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)