13 January 2026

logo

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් අභාවප්‍රාප්ත වෙයි



ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් අද (13) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු අභාවප්‍රාප්ත වන විට 81වන වියේ පසුවුණා. 

මේ වන විට ඉක්බාල් අතාස්ගේ දේහය දෙහිවල, හිල් වීදියේ, සිරිවර්ධන පාරේ අංක 11C/1 දරන ස්ථානයේ අවසන් ගෞරවය දැක්වීම සඳහා තැන්පත් කර තිබෙනවා. 

එමෙන්ම ඔහුගේ අවසන් කටයුතු අද (13) පස්වරුවේ දෙහිවල පිහිටි මුස්ලිම් පල්ලියේ සිදු කිරීමට නියමිතයි.


(colombotimes.lk)