උතුරු කොරියාව සහ බෙලාරුස් රාජ්‍ය අතර ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ බෙලාරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ අතර පියොංයැං නුවර ඊයේ (26) පැවති රාජ්‍ය තාන්ත්‍රික හමුවේදී මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙන බවයි.
රාජ්‍ය තාන්ත්‍රික කටයුතු, කෘෂි කර්මාන්තය, අධ්‍යාපනය සහ මහජන සෞඛ්‍ය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හී සහයෝගීතාවය වර්ධනය කර ගැනීම මෙහි අරමුණ වනවා.
(colombotimes.lk)
