13 December 2025

logo

දකුණු සිරියාවටත් ගුවන් ප්‍රහාරයක්



දකුණු සිරියාවේ ඩෙරා පළාතේ තදාසන්න ප්‍රදේශයට ඊශ්‍රායල විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයන් 19දෙනෙක් තුවාල ලබා ඇති බවයි.
 
ඊශ්‍රායල හමුදාව බලයෙන් පහ කළ සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ හමුදාවන්ට අයත් ආයුධ සහ වාහන තිබෙන හමුදා ස්ථාන ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

(colombotimes.lk)