රුසියාව ඊසානදිග යුක්‍රේනයේ පිහිටි වරායකට ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම වරාය ප්‍රධාන වශයෙන් ධාන්‍ය අපනයනය කිරීම සඳහා භාවිත කරන බව එම වාර්තා වල සඳහන්.
කළු මුහුදේ ධාන්‍ය අපනයනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ක්‍රියාත්මක වූ ගිවිසුමෙන් ඉවත් වී දිනකට පසු එම ප්‍රහාරයන් එල්ල කිරීම විශේෂත්වයක්.
රුසියානු හමුදා පවසන්නේ, තමන් ඔඩේසාහි ඉන්ධන ගබඩාවට සහ එහි මුහුදු ඩ්‍රෝන යානා නිපදවන කම්හලකට පහර දුන් බවයි.
යුක්‍රේනය විසින් අත්පත් කරගත් ක්‍රයිමියාවෙහි මාර්ග පාලම විනාශ කිරීමට ප්‍රතිචාර දැක්වමින් ඔවුන් එම ප්‍රහාර එල්ල කර තිබෙනවා.
එම ධාන්‍ය වරායට ප්‍රහාරය එල්ල වීම හේතුවෙන් ප්‍රධාන වශයෙන් අප්‍රිකාවේ සහ ආසියාවේ ආහාර මිල ඉහළ යාමට ද බලපෑම් එල්ල විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් යුක්‍රේනයේ කෘෂිකර්මාන්තය හා ධාන්‍ය අපනයනය ආරක්ෂා කිරීම වෙනුවෙන් අඛණ්ඩව සටන් කරන බව ජනාධිපති වොලොඩමිර් සෙලෙන්ස්කි සඳහන් කරනවා.
(colombotimes.lk)


