17 December 2025

logo

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක



අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ වෛද්‍යවරුන්ට නිසි ආරක්‍ෂාවක් නොමැති බව පවසමින්.

ඔවුන් සඳහන් කළේ දින 3කට පෙර අනුරාධපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ තිබී හිස් උණ්ඩ කොපු කිහිපයක් ද හමුවී ඇති බැවින් වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතු වී ඇති බවයි. 

ඒ අනුව තමන්ට නිසි ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් අද (17) උදෑසන වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් ඒ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)