ඊශ්‍රායලයේ ජෙරුසලමට බටහිරින් පිහිටි ප්‍රදේශයකට ඉරානය විසින් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජෙරුසලමට බටහිර දෙසින් පිහිටි බෙයිට් ෂෙමේෂ් නගරයට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
එලෙස එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 9දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් පුද්ගලයන් 27කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලය සහ ඇමරිකාව එක්ව ඉරානයට පහරදීමත් සමඟ ප්‍රති ප්‍රහාර ලෙසින් ඉරානය දියත් කළ ප්‍රහාරවලින් ඊශ්‍රායලයට දැඩි හානි සිදු වූ දරුණුතම ප්‍රහාරය මෙය වන බවයි.
(colombotimes.lk)
