13 December 2025

logo

පකිස්ථාන අගමැතිගේ නිවසට ප්‍රහාරයක්



පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාබ් ෂරීෆ්ගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. 

අත්අඩංගුවට ගත් පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 
 
විරෝධතාකරුවන් අග්‍රාමාත්‍යවරයාගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර කිහිපයක් ද එල්ල කර ඇති බව පංජාබ් පොලීසිය සඳහන් කළා. 
 
මේ වනවිට විරෝධතාකරුවන් 1000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. 
 
එමෙන්ම විරෝධතා අතරතුරු පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති බව ද සඳහන්.
(colombotimes.lk)