31 May 2026

logo

ජපානයේ දූපතක භූ කම්පනයක්



ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ Akuseki-jima නම් දූපතක භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය රික්ටර් පරිමාණ 5.5ක ප්‍රබලත්වයෙන් යුතුව සිදු වී ඇති බවයි. 

කෙසේ වෙතත් හටගෙන ඇති භූ කම්පන තත්ත්වයෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

කෙසේ නමුත් ටොෂිමා ගම්මානයේ නිලධාරීන් සඳහන් කර ඇත්තේ එම දූපතේ පදිංචිකරුවන් 23දෙනාගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් මේ වන විට ඔවුන් එම දූපතෙන් ඉවත් කර ඇති බවයි. 

ටොෂිමා ගම්මානයේ භූ කම්පන මාලාවක්ම ඇතිවූ බවත් ජපාන වේලාවෙන් ඊයේ (05) උදෑසන ද Akuseki-jima දූපතට රික්ටර් මාපකයේ 5.4ක භූ කම්පන තත්ත්වයක් ඇති වූ බව ජපන් මාධ්‍ය වාර්තා කළා. 

(colombotimes.lk)