නිරිතදිග දකුණු-ඉන්දියන් සාගරයේ ‘ෆාබියෙන්’ නිවර්තන සුළි කුණාටුව, 2023 මැයි 17 දින පෙ.ව. 02.30 වනවිට 8.3S, 74.0E ආසන්නයේ කේන්ද්‍රගතව පිහිටා තිබුණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එය බටහිරට බරව-නිරිත දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි එහි දැක්වෙන්නේ.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දකුණු අක්ෂාංශ 07 ත් 11 ත් සහ නැගෙනහිර දේශාංශ 70 සහ 76 ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (80-120) පමණ වන අතර විටින් විට පැ.කි.මී. (150-160) පමණ දක්වා වැඩිවිය හැකි වනවා.
මේ හේතුවෙන් දකුණු අක්ෂාංශ 06 - 13 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 70-76 ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම්දෙන අතර දැනට මෙම මුහුදු ප්‍රදේශ වල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ආරක්‍ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දන්වා සිටිනවා.
(colombotimes.lk)