16 September 2025

logo

සිරියානු ගැටුම් වලින් අතුරුදන් වූවන් ගැන සෙවීමට ස්වාධීන ආයතනයක්



සිරියාවේ ගැටුම් හේතුවෙන් 130,000 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ඒ අනුව මෙම අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමට ස්වාධීන ආයතනයක් පිහිටුවීමේ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කර ඇති බව සඳහන්. 
 
මේ සඳහා 193 දෙනෙකුගෙන් යුත් එම මණ්ඩලයේ පක්ෂව ඡන්ද 83 ක් ලැබී ඇති අතර එයට විරුද්ධව ඡන්ද 11 ක් සහ 62ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී තිබෙනවා. 
 
මෙම යෝජනාවට විරුද්ධ වූවන් අතර සිරියාව ද සිටින අතර රුසියාව, චීනය, බෙලරූස්, උතුරු කොරියාව, කියුබාව සහ ඉරානය ද මේ සඳහා විරුද්ධ වී තිබෙන බව සඳහන්.
(colombotimes.lk)