30 May 2026

logo

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් අත්අඩංගුවට



ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංගයක් ස්ථාපනය කිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ පාලක, තොරතුරු තාක්ෂණ හා ප්‍රත්‍යන්ත පාලන කේ. හේරත් නැමති නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් සිදු කළ විමර්ශනයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
 
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙනුවෙන් 'User Management Module' නැමති මෘදුකාංගය ස්ථාපනය කිරීම සඳහා රුපියල් 9,831,250ක මුදලක් ගෙවා තිබියදීත් එම මෘදුකාංගය ස්ථාපනය නොකිරීම සහ අදාළ මෘදුකාංගය ලබා නොගෙන රජයේ මුදල් වංචාකාරී ලෙස ලබා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. 

(colombotimes.lk)