ඇතැම් කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ව්‍යාජ තොරතුරු පළකරමින් සංචාරක කර්මාන්තය අඩපණ කිරීමේ උත්සාහයක නිරත වන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ ප්‍රකාශ කළා.
ඒ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්,
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වැලිගම සහ ආරුගම්බේ ප්‍රදේශ සම්බන්ධ මෑතකදී සමාජ මාධ්‍යවල පුළුල් ලෙස සංසරණය වූ විශේෂිත සිදුවීම් 2ක හරහා මෙය පැහැදිලි වන බවයි.
වැලිගමදී පිලිපීන ජාතිකයෙක්ට පහර දෙන වීඩියෝවක් සංසරණය වූ බවත් එය 2024 දී සිදු වූ සිදුවීමක් බව පරීක්ෂණවලින් සොයාගෙන ඇති බවත් ඔහු සඳහන් කළා.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ආරුගම්බේ ප්‍රදේශයේ පොදු ස්ථානවල බිකිනි ඇඳීමෙන් වළකින ලෙස සංචාරකයන්ගෙන් ඉල්ලා සිටින ව්‍යාජ දැන්වීමක් නිකුත් කර ඇති බවයි.
