23 October 2025

logo

මහනුවර රෝහලේ තවත් අර්බුදයක්



මහනුවර රෝහලේ වකුගඩු ඒකකයේ පරිතාන කාන්දු පෙරණය සඳහා භාවිතා කරන රසායනික දියරයේ කැබලි සහිත ස්වභාවයක් තිබෙන බවට විශේෂඥ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලි කර ඇති බව සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී.මැදිවත්ත මහතා සඳහන් කළා. 

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා (15) ඊයේ දිනයේ දී මහනුවර රෝහලේ වකුගඩු ඒකකයට පැමිණ ඒ පිළිබඳව සොයා බැලීමක් සිදු කර ඇති බව ද ඔහු කියා සිටියා. 
 
ඒ අනුව මේ වන විට එම දියරය භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ. 
 
මේ හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.
(colombotimes.lk)