ඉරානයේ බන්ඩාර් අබ්බාස් ප්‍රදේශයට බටහිර දෙසින් අද (07) පෙරවරුවේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ රික්ටර් මාපකයේ 4.1ක භූ කම්පනයක් මෙලෙස හටගත් බවයි.
භූ කම්පනය බන්ඩාර් අබ්බාස් සිට කිලෝමීටර් 74ක් බටහිරින් සහ කිලෝමීටර් 10ක් ගැඹුරට සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සතියක් ඇතුළත ඉරානය තුළ සිදු වූ දෙවන භූ කම්පනය මෙය බවයි.
(colombotimes.lk)
