ලොරි රථයක් පිටුපසට ගැනීමට යාමේදී අසල මාර්ගයකට පෙරළීමෙන් මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ බොරලැස්ගමුව පොලිස් වසමේ රත්නපිටිය සූරියමල් මාර්ගයේදීයි.
අදාළ අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ ඉදිරිපස අසුනේ ගමන් කළ කාන්තාවක් කළුබෝවිල රෝගලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ලොරි රථයේ රියදුරු මියගොස් තිබෙනවා.
මියගිය රියදුරු වයස අවුරුදු 51ක් වන බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)