01 July 2025

logo

සජිත්ගේ සහයට තවත් පිරිසක් එක් වෙයි



ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස හට සහය ලබා දීමට කළුතර දිස්ත්‍රික් මුස්ලිම් මහජන නියෝජිත එකමුතුව තීරණය කර තිබෙනවා.

බේරුවල ප්‍රදේශයේ ඊයේ (10) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව සමගි ජන බලවේගයේ බේරුවල ආසන සංවිධානයක ඉෆ්තිකාර් ජමීල් මේ බව සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරවීම සඳහා සුළුතර ඡන්දවලින් 95%ක්ම ලබා දීමට කටයුතු කරන බවයි.

(colombotimes.lk)