පේරාදෙණිය රෝහලේ සිදුවීම හා සම්බන්ධ ඖෂධය ලබා දීමෙන් අනතුරුව මහනුවර ජාතික රෝහලේදී තවත් රෝගීන් දෙදෙනෙකුට ආසාත්මිකතා ඇති වී තිබෙනවා.
අදාළ ඖෂධයේ වෙනත් ඛාණ්ඩයක් එලෙස ලබා දී ඇති අතරම එය ද තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී සෙෆ්ට්‍රියැක්සෝන් ඖෂධය හේතුවෙන් සිදු වූ මරණය පිළිබඳ සෙවීමට ගිය කමිටුව, එම ඖෂධයේ කිසිදු වරදක් නොමැති බව සඳහන් කර තිබුණා.
කෙසේ වෙතත් එම ඖෂධය දිගටම භාවිතා කරන බව නිවේදනය කර පැය දෙකක් යන්නටත් මත්තෙන්, එම ඖෂධය නිසාම මහනුවර රෝහලේ රෝගීන් දෙදෙනෙකුට මාරාන්තික සංකූලතා ඇති වී දැඩි සත්කාර ඒකකකයට ඇතුල් කර ඇති බව වාර්තා වනවා.
එමෙන්ම අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී පසු ගිය 28 වෙනිදා මාතාවක් මිය ගොස් ඇති බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් පවුලේ හිතවතුන් සඳහන් කර ඇත්තේ, සිහි නැති කිරීම සඳහා මෙම රෝගියාට එන්නතක් ලබා දුන් අතර පසුව ඇයට නැවත සිහිය නොපැමිණි බවයි.
මරණ සහතිකයේ හෝ වෙනත් තැනක ඒ බව සඳහන් කර නොමැති බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.
(Colombotimes.lk)