01 February 2026

logo

විදුලිසැර වැදීමෙන් තවත් පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි



වාරියපොළ වඳුරැස්ස ප්‍රදේශයේ දී විදුලිසැර වැදී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ වඳුරැස්ස මාවත වැවේ මසුන් ඇල්ලීමට ගිය අයෙකු නැවත නිවසට නොපැමීණීම හේතුවෙන් සිදුකළ සොයා බැලීමක දී මාවත වැවේ තිබී අදාළ පුද්ගලයාගේ මළසිරුර හමුවී ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි වඳුරැස්ස ගලයාය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

අදාළ පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල රෝහලේදී සිදුකර තිබෙනවා.

ඒ අනුව මෙම මරණය විදුලිය සැර වැදීම හේතුවෙන් සිදුවූවක් බවට අනාවරණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)