01 July 2025

logo

පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් තවත් ආචාර්ය පට්ටමක් ගැලවෙයි



පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියේ තිබූ ආචාර්ය උපාධිය ඉවත් කර තිබෙනවා.

සභානායක කාර්යාලය එවා තිබූ ලිපියක තොරතුරුවලට අනුව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අමාත්‍යවරයාගේ නම ඉදිරියේ එලෙස ආචාර්ය උපාධිය සඳහන් කර තිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ඔහු පෞද්ගලිකව ආචාර්ය උපාධියක් සම්බන්ධයෙන් සඳහන් කර ලිපියක් භාරදී නොතිබූ බව සඳහන්.

මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරුන්ගේ විස්තර නිවැරදිව සටහන්වී තිබේදැයි පූර්ණ සොයා බැලීමක් සිදු කරන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් එම වෙබ් අඩවිය භාර නිලධාරීන්ට දැනුම්දී තිබෙනවා.

(colombotimes.lk)