ආපදාවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් වූ සිය අඛණ්ඩ සහාය පිළිබිඹු කරමින් 27දෙනෙක්ගෙන් යුත් තවත් ජපාන ආපදා සහන (JDR) වෛද්‍ය කණ්ඩායමක් පසුගිය 04වනදා රාත්‍රීයේ මෙරටට පැමිණ තිබෙනවා.
වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, සහන නිලධාරීන් සහ ගලවා ගැනීමේ විශේෂඥයන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම ජාතික ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරමින්, බිම් මට්ටමේ අත්‍යාවශ්‍ය වෛද්‍ය සහයෝගයන් ලබාදීමටත්, සහන මෙහෙයුම් ශක්තිමත් කිරීමටත්, ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය සේවා දැඩි ලෙස අඩාල වූ ප්‍රදේශවලට සහාය වීමටත් කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
