පැවති අධික වර්ෂාවත් සමඟ චලෙයි ප්‍රදේශයේ ගංවතුර අවදානම අවම කිරීමේ මෙහෙයුමක නිරතව සිටියදී දියේ ගිලී අතුරුදන් වූ නාවික හමුදා සාමාජිකයන් පස් දෙනාගෙන් එක් සාමාජිකයෙක්ගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
ඔවුන් පසුගිය 30වනදා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගංවතුර අවදානම් අවම කිරීම සඳහා චලෙයි මෝයකට පුළුල් කිරීමේ මෙහෙයුමක නිරත වී සිටියදී අතුරුදන් වී තිබුණා.
ඔවුන් සෙවීම සදහා පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබූ අතර ඉන් එක් නාවික හමුදා සාමාජිකයෙක්ගේ මළ සිරුරක් පුදුමාතලන් වෙරළ තීරයේ තිබී සොයාගැනීමට හැකි වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කළා.
ඔහු කියා සිටියේ මෙලෙස මියගොස් ඇත්තේ චලෙයි නාවික හමුදා අනු කණ්ඩයට අනුයුක්තව රාජකාරී කළ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සාමාජිකයෙක් බවයි.
එලෙස අතුරුදන් වු සෙසු සාමාජිකයන් සිව්දෙනා සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
(colombotimes.lk)
