05 December 2025

logo

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද



2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (05) පස්වරු 6.00ට සිදු කිරීමට නියමිතව තිබෙනවා. 

පාර්ලිමේන්තුවේ කටයුතු අද පෙරවරු 9.00ට ආරම්භ වන අතර විවාදයෙන් අනතුරුව මෙලෙස පස්වරු 6.00ට ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. 

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පසුගිය නොවැම්බර් 7වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. 

(colombotimes.lk)