කුඩා වෙරළ උද්‍යාන 100ක් ස්ථාපිත කිරීමේ සමාරම්භක වැඩසටහන අද (27) සිට ආරම්භ වනවා.
ජනපති කාර්යාලය සඳහන් කළේ ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයෙන් මෙය ආරම්භ කරන බවයි.
ඒ අනුව කුඩාවැල්ල, වෙරළ විවේක උද්‍යානය සහ වැල්ලමඩම වෙරළ විවේක උද්‍යානයේ කටයුතු මෙලෙස ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.
මේ අතර නිල්ධජ වෙරළ තීරයක් ලෙස මාතර, තලල්ල වෙරළ තීරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ද අද ආරම්භ වන බව ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම ප්‍රධාන වැව් සීමා ලකුණු කිරීමේ වැඩසටහනක් ද ගලේවෙල, සියඹලා ආණ්ඩුව කරුවලගස්වැව, ආනමඩුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මුල් කරගනිමින් ආරම්භ වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)