මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් ඊයේ (25) වීරකැටිය පොලිස් වසමේ වකමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
එම සැකකරු මෙම ත්‍රිත්ව ඝාතනයට ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කළ පුද්ගලයෙක් බව පොලීසිය සඳහන් කළා.
ඔහුව අත්අඩංගුවට ගෙන මිද්දෙණිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි වියේ පසුවන හකුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)