23 February 2025


කොවිඩ් වෛරසයට සමාන තවත් වෛරසයක් හමුවෙයි



කොවිඩ් වෛරසයට සමාන නව කොරෝනා වෛරසයක් චීනයෙන් සොයාගෙන තිබෙනවා.

වුහාන් වෛරස් විද්‍යා ආයතනයේ සහ නිව්ස්වීක් පර්යේෂකයන් පිරිසක් විසින් මේ බව අනාවරණය කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

HKU5-CoV-2 ලෙස හැඳින්වෙන මෙම වෛරසය හොංකොංහී japanese pipistrelle නම් වවුලන්ගෙන් සොයාගත් HKU5 කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් බව සඳහන්.

රසානාගාර පරීක්ෂණවලින් හෙළවී ඇත්තේ වෛරසය මිනිස් සෛල, පෙහළු සහ බඩවැල් පටකවලට ආසාදනය කළ හැකි බවයි.

එමෙන්ම වෛරසය එහි සම්ප්‍රේෂණ අවදානම කොවිඩ් 19 වෛරසයට වඩා අඩු මට්ටමක පවතින බවද පර්ශේෂකයන් පවසනවා.

(colombotimes.lk)