15 June 2025


ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමට පියවර



ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියානු වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය ශ්‍රී ලංකාව සමඟ ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමට තීරණය කර තිබෙනවා. 
 
මෙල්බන්හී ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිවේදනය කළේ අපනයන විවිධාංගීකරණය තුළින් තේ, රබර් සහ ඇඟලුම් වැනි සාම්ප්‍රධායික අපනයනයන්ගෙන් ඔබ්බට ගොස් එම සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන්ද සාකච්ඡා පවත්වා ඇති බවයි.

වෙළඳපොළ ප්‍රවේශ සහ උපාය මාර්ගික මුලපිරීම් හරහා ආයෝජන සබඳතා ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශවයම මේ වන විට එකඟ වී තිබෙනවා. 
 
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතරින් ශ්‍රී ලංකාව සමඟ විශාලතම භාණ්ඩ අපනයන සබඳතා පවත්වාගෙන යන්නේ වික්ටෝරියා ප්‍රාන්තයයි. 

(colombotimes.lk)