ජර්මනියේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (13) පස්වරුවේ ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවී තිබෙනවා.
එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කර තිබූ මෙම හමුවට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සහ වෘත්තිකයන් රැසක් එක්ව සිට තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම අවස්ථාවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක එරට සිටින ශ්‍රී ලාංකියන් විසින් උණුසුම් ලෙස පිළිගෙන තිබෙනවා.
එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ සමෘද්ධිමත් රාජ්‍යයක් වෙනුවෙන් එකට එක්ව කටයුතු කළ යුතු බවයි.
එමෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වය ඇගයූ ජනාධිපතිවරයා බිඳවැටී ඇති රාජ්‍ය යළි ගොඩනැගීම සඳහා මේ වන විට ස්ථාවර ආරම්භයක් ගනිමින් සිටින බවද පෙන්වා දී තිබෙනවා.
(colombotimes.lk)