15 June 2025


මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක් යළි විවෘත වෙයි



ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගත් ගැටුම්කාරී තත්ත්ව තුළ වසා දැමුණු මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක් යළි විවෘත කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව ජෝර්දානය සහ ලෙබනනය සිය ගුවන් කලාපය යළි විවෘත කිරීමට පියවර ගෙන ඇති බවයි. 

කෙසේවෙතත් නැවත දැනුම්දෙනතුරු ඊශ්‍රායල සහ ඉරාන ගුවන් කලාප තවදුරටත් වසා දමා තිබෙනවා. 

ඊශ්‍රායල සහ ඉරනය අතර හටගත් ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන්වලට බාධා එල්ල වූ අතර මේ වන විටත් එම කලාපයේ ගුවන් ගමන් සිදු නොවන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)