19 June 2026

logo

ජපානයට යළි අනතුරු ඇඟවීමක්



ජපානයට යළි දරුණු භූ කම්පනයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය සඳහන් කළේ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කිරීමෙන් පසු යළි දෙවන වරටත් මෙලෙස භූ කම්පනයක් සඳහා අනතුරු ඇගවීමක් නිකුත් කර ඇති බවයි. 

ඒ අනුව ඉදිරි සතියේදී දරුණු භූ කම්පනයක් ඇතිවීමේ අවදානමක් ද පවතින බව ජපාන බලධාරීන් පෙන්වා දී තිබෙනවා. 

ඔවුන් අනතුරු අඟවා ඇත්තේ මෙම භූකම්පනය රික්ටර් මාපක 8.0ක හෝ ඊට වැඩි ප්‍රබලත්වයකින් වාර්තා විය හැකි බවටයි.
 
ඊසානදිග වෙරළ තීරයේ ඊයේ (20) රික්ටර් මාපක 7.7ක ප්‍රභලත්වයකින් යුතු භූ කම්පනයක් ඇති වූ අතර මේ හේතුවෙන් සුනාමි රළ පහර එරට නැගෙනහිර වෙරළට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)