colombotimes.lk
සිංහල | English

17 September 2024


තවත් ලෝක කුසලානයකට දින නියම වෙයි



2025 වයස අවුරුදු 19න් පහළ කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන සහ කණ්ඩායම් කාණ්ඩ ගත කර ඇති අකාරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එම ලෝක කුසලානය 2025 ජනවාරි 18 වනදා සිට පෙබරවාරේ 02 වනදා දක්වා මැලේසියාවේ පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

තරග 41කින් සමන්විත එම ලෝක කුසලානය සඳහා කාණ්ඩ 4කින් යුත් කණ්ඩායම් 16ක් තරග වදිනවා.

එම කාණ්ඩවලට අයත් කණ්ඩායම් පහතින්,

Group A: India, West Indies, Sri Lanka, Malaysia

Group B: England, Pakistan, Ireland, USA

Group C: New Zealand, South Africa, Africa Qualifier (සුදුසුකම් ලබා ගන්නා අප්‍රිකා කණ්ඩායමක්), Samoa

Group D: Australia, Bangladesh, Asia Qualifier (සුදුසුකම් ලබා ගන්නා ආසියානු කණ්ඩායමක්),  Scotland





(colombotimes.lk)