නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් අද (06) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද (06) සිට 09වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
පෙරවරු 9.30 සිට පස්වරු 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.
එමෙන්ම පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙරවරු 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27 යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙන බවයි සඳහන් වන්නේ.
ඉන් අනතුරුව පස්වරු 3.30 දක්වා ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ සහ ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ පනත යටතේ පළකළ අතිවිශේෂ ගැසට් පත්‍රවල නියෝග විවාදයට ගැනීමට නියමිතයි.
(colombotimes.lk)
