වෙනිසියුලාවේ මේ වන විට උද්ගත වී තිබෙන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන බවත්, එම සිදුවීම් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ශ්‍රී ලංකා රජය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මේ බව සඳහන් කළා.
එමෙන්ම බලය යෙදවීම තහනම් කිරීම, මැදිහත් නොවීම, ජාත්‍යන්තර ආරවුල් සාමකාමීව විසඳාගැනීම සහ රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වැනි ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගරු කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාව අවධාරණය කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. 
(colombotimes.lk)
