06 July 2025

logo

අනුරාධපුර බන්ධනාගාර අධිකාරි යළි රිමාන්ඩ්



අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න එළඹෙන 23වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 

ඒ ඔහුව අද (13) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 

වංචා දූෂණ රැසකට සම්බන්ධ වරදකරුවෙක්ව සිටි රැඳවියෙක් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ බව කියන චෝදනාවක් සම්බන්ධයෙන් මොහාන් කරුණාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 08වනදා පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා. 

(colombotimes.lk)