රජයේ පාසල්වල 2024 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීමට අදාළ උපදෙස් අද නිකුත් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව ආදර්ශ අයදුම් පත්‍රයක් www.moe.gov.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.
2024 වසරේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට තම දරුවන් ඇතුළත් කිරීමට අපේක්ෂා කරන දෙමාපියන් හෝ නීත්‍යානුකූල භාරකරුවන් ආදර්ශ පෝරමය සහ උපදෙස් අනුව සකස් කරන ලද අයදුම්පත් ඉදිරිපත් කර ලියාපදිංචි තැපෑලෙන් අදාළ පාසල් ප්‍රධානීන් වෙත එවිය යුතු බවයි එම අමාත්‍යංශය පැවසුවේ.
2023 අගෝස්තු 18 ට දක්වා එම අයදුම්පත් යොමු කළ හැකියි.
අදාළ අයදුම්පත්‍රය සහ උපදෙස් පත්‍රිකාව පහතින්...
(colombotimes.lk)