ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් අතර දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරුබදු නිවේදන මඟින් ඇති කළ ගෝලීය වෙළෙඳ අවිනිශ්චිතතා මධ්‍යයේ මෙම සාකච්ඡා පැවති බවයි.
තමන් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සමඟ දුරකථන සංවාදයක නිරත වූ බව අදාළ සාකච්ඡාවෙන් පසු සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.
එමෙන්ම ද්විපාර්ශවික න්‍යාය පත්‍රයේ ප්‍රගතිය සම්බන්ධව සමාලෝචනයක්ද මෙහිදී සිදු කළ බවත් එම සටහනේ සඳහන්.
(colombotimes.lk)