2025 වසරේ පැවති අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පදනම් කරගෙන 2025/2026 අධ්‍යන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ අයදුම්පත් කැඳවීම මැයි මස 19වනදා දක්වා සිදු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි අලෙවිසැල් වලින් ලබා ගත හැකි බවයි.
එමෙන්ම එහි මෘදු පිටපත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නිල වෙබ් අඩවිය හරහාද මාර්ගගතව මිලදී ගත හැකි බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
