16 November 2025

logo

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උපාධි හැදෑරීමට අයදුම්පත් කැඳවයි



අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උපාධි පාඨමාලා හැදෑරීම සඳහා සිසුන් බදවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබෙනවා. 

 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2022, 2023 හා 2024 වසරවල උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන්ට මේ සඳහා අයදුම් කළ හැකි බවයි. 

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ රජය පිළිගත් උපාධි ප්‍රදානය කරන ආයතන 18ක් මඟින් පිරිනැමෙන උපාධි පාඨමාලා 131ක් සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සළසා දී තිබෙනවා. 

ඒ සඳහා වන අයදුම්පත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩෙවියට පිවිසීමෙන් ලබා ගත හැකි අතර අයදුම්පත් භාර ගැනීම නොවැම්බර් 30වනදා අවසන් වන බවයි වාර්තා වන්නේ. 


(colombotimes.lk)