16 November 2025

logo

සංවිධානාත්මක අපරාධකරුවෙක්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ කාන්තාවක් කොටුවෙයි



සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන පානදුරේ කුඩු සළිඳු නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ අරුක්ගොඩ රුක්ගහ පාරේ නිවසකදීයි.

සැකකාරිය රුපියල් ලක්‍ෂ 10කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.  

එමෙන්ම සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක්, එම මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීමට ගන්නා කුඩා ඉටි බෑග්, විද්‍යුත් තරාදියක් හා ජාවාරමට යොදාගත් ජංගම දුරකථනයක් මෙන්ම ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් 36,500ක මුදලක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා. 


(colombotimes.lk)