මෙරට හෙද සේවය සඳහා බඳවාගත් 3,147දෙනෙක්ට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම හෙට (24) උදෑසන සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අරලියගහ මන්දිර පරිශයේ රැස්වීම් ශාලාවේදීයි.
මෙරට හෙද සේවා ඉතිහාසයේ විශාලතම ප්‍රමාණයකට එකවර පත්වීමේ ලිපි ප්‍රදානය කරනු ලබන පළමු අවස්ථාව මෙය බව
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.
එම උත්සවයට සමගාමීව හෙද සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් 79දෙනෙක් සඳහා උසස්වීම් ප්‍රදානය කිරීමද සිදු කරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)