කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය අයි. එම්. කරුණාතිලක පත් කර තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.
මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (23) ජනාධිපති කාර්යාලයේදී මහාචාර්ය අයි.එම්. කරුණාතිලක වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ප්‍රථම මහාචාර්යවරයා වීමේ ගෞරවය හිමිකර ගෙන තිබෙනවා.
2000 ජුනි මාසයේ සිට කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සේවය කර ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සහ එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ Dundee උපාධිධාරියෙක්.
(colombotimes.lk)