සභානායක බිමල් රත්නායකගේ හැසිරීම පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරු කථානායකවරයාට ලිපියක් භාරදී තිබෙනවා.
එහි සඳහන් වන්නේ පසුගිය 20 වනදා ස්ථාවර නියෝග 92 (2) අ වගන්තිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව මතුව ඇති තත්ත්වය පිළිබඳව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමට කථානායකවරයාගේ අවසරය පරිදි කටයුතු කර ඇති බවයි.
අනතුරුව නැගීසිටි කෞෂල්‍යා ආරියරත්න මන්ත්‍රීතුමිය ගරු කථානායකතුමා ලබාදුන් අවසරය අභියෝගයට ලක් කරමින් හා ස්ථාවර නියෝග අභියෝගයට ලක් කරමින් ප්‍රකාශයක් කළ බව එම නිවේදනය මඟින් සඳහන් කර තිබෙනවා.
එම අවස්ථාවේදී මෙම සංවාදයට එක් වූ සභානායක බිමල් රත්නායක විසින් දයාසිරි ජයසේකරට ආරෝපිත චෝදනා රැසක් එල්ල කරමින් ප්‍රකාශයක් සිදු කළ බවත් එම ප්‍රකාශය තුළින් ස්ථාවර නියෝග 91 (ඌ) වගන්තිය උල්ලංසනය කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
එමෙන්ම 10 වන පාර්ලිමේන්තුව ආරම්භයේ සිටම වත්මන් සභානායකතුමාගේ ක්‍රියා පිළිවෙත හා හැසිරීම පුරෝගාමී සභානායකවරුන්ගේ ආදර්ශ හා ක්‍රියාකාරකම්වලට සම්පූර්ණයෙන් පටහැනි තත්ත්වයක් බවද එහි දැක්වෙනවා.
ඒ අනුව 20වනදා පාර්ලිමේන්තුවේ සභානායකගේ හැසිරීම පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියා.