විදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (23) සිය සහතිකය සටහන් කර තිබෙනවා.
එම පනත් කෙටුම්පතට අදාළව අද පැවති දෙවැනි වර කියවීමේ විවාදයෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලා ඇති බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තුව නිවේදනය කළේ අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වූ බවයි.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 6 දරන විදේශ ණය (ඉවත් කිරීමේ) පනත වශයෙන් බලාත්මක වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)