24 May 2025


පොල්හේන වෙරළ තීරය සම්බන්ධයෙන් තීරණයක්



මාතර පොල්හේන වෙරළ තීරයට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින්ගෙන් වාහන නැවැත්වීමේ ගාස්තු අය කිරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ පොල්හේන වෙරළ තීරය දෙසට වන්නට පිහිටි භූමිය සම්භන්ධව අධිකරණ නඩු කටයුත්තක් සිදුවන බවයි.

ඒ අනුව එම අධිකරණ නඩු කටයුත්ත අවසන් වන තෙක් වෙරළ තීරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ එම භූමියේ නවතා තබන රථ වාහන සදහා මුදල් අයකර ගැනීම තාවකාලිකව නවත්වන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.



(colombotimes.lk)