colombotimes.lk
සිංහල | English

02 May 2024

වැඩ බලන මුදල් අමාත්‍යවරයෙකු පත් කරයි



වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පත් කර තිබෙනවා. 

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන්. 
 
බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ සංචාරයක් සඳහා ජනාධිපතිවරයා අද (17) අලුයම මෙලෙස පිටත්ව ගොස් තිබෙනවා. 
 
මේ සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඇතුළු දූත පිරිසක් ද පිටත්වුණා.
 
බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා සහ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා. 
 
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා විසින් කළ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වනවා. 
 
ජූනි මස 22 සහ 23 යන දෙදින තුළ පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව වන්නේ 'වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසඳුම් සෙවීම' යන්නයි. 
 
මේ අතර රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කොට ඇති බව සඳහන්. 
(colombotimes.lk)