මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සබරගමුව, කැළණිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල නතර කර තිබූ ඉදිකිරීම් ව්‍යාපෘති නිම කිරීමට රජය අනුමැතිය ලබාදී තිබෙනවා.
කොවිඩ් 19 වසංගතය සහ ඉන් පසුව ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් නවතා දැමූ ව්‍යාපෘති අතරට නේවාසික පහසුකම්, ආපනශාලා සහ පොදු පහසුකම් ඇතුළත්.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවක් සැළකිල්ලට ගෙන සම්මත ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටි යටතේ 2025 වසරේදී ප්‍රධාන පහසුකම් නැවත ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දී තිබෙනවා.
එමෙන්ම ආයතනික අවශ්‍යතා මත පදනම් වූ සංශෝධන සහිතව ඉතිරි කටයුතු 2026 සිට අඛණ්ඩව සිදු කිරීමට අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)