1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන කිහිපයක් වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි යාවත්කාලීන කරමින් සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.
ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ හඳුනාගෙන ඇති ප්‍රායෝගික ගැටලු කිහිපයකට අදාළව විසඳුම් ලබාදීම සහ දැනට නියාමනය නොවන ප්‍රවාහන ක්ෂේත්‍ර කිහිපයක් නියාමනය කිරීම මෙහි අරමුණු වී ඇති බවයි වාර්තා වන්නේ.
නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කළ සංශෝධිත පනත් කෙටුම්පත විධිමත් ක්‍රමවේදය අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබූ නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට නොහැකි වුණා.
ඒ අනුව එම පනත් කෙටුම්පත නැවත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
(colombotimes.lk)