colombotimes.lk
සිංහල | English

30 April 2024

අරණායක - මාවනැල්ල ප්‍රධාන මාර්ගය අවහිර වෙයි



අධික වර්ෂාවත් සමඟ ගසක් කඩා වැටීම හේතුවෙන් අරණායක - මාවනැල්ල ප්‍රධාන මාර්ගය කප්පාගොඩ ප්‍රදේශයෙන් අවහිර වීම නිසා ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ගස කඩා වැටීමෙන් අධිබලැති විදුලි රැහැන් පද්ධතියකටද හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් මාවනැල්ල සිට අරණායක දෙසට ගමන් ගන්නා සියලුදෙනා වැලිගල්ල හරහා උස්සාපිටිය මාර්ගය භාවිතා කරන ලෙස මාවනැල්ල පොලීසිය දැනුම් දී තිබෙනවා.

(colombotimes.lk)