21 November 2025

logo

අර්චුනාට මරණ තර්ජන



පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාට ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් විසින් අද (21) පාර්ලිමේන්තු ආපනශාලාවේදී මරණ තර්ජන එල්ල කර තිබෙනවා. 

ඔහු කියා සිටියේ ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් තමාට මෙලෙස මරණ තර්ජන එල්ල කළ බවයි.
 
පුත්තලම දිස්ත්‍රික්කයේ පවතින ගැටලුවක් සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුවේදී අද (21) ප්‍රශ්නයක් යොමු කළ බවත් ඒ සම්බන්ධයෙන් මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් කලබල වී මෙලෙස මරණ තර්ජන එල්ල කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා චෝදනා කර තිබෙනවා. 

(colombotimes.lk)