ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන එහි වෙඩික්කරු ඇතුළු සැකකරුවන් පිරිසක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
ඒ ලබන 05 වනදා දක්වායි.
අදාළ පැමිණිල්ල අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේදී බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින එම සැකකරුවන් පිරිස Zoom තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙතෙක් සිදු කළ විමර්ශන පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
